අපිට ගොඩාක් ලන්වෙලා හිටි කෙනෙක්ව අමතක කරන්නෙ කොහොමද ? කම්පියුටර්වල වගේ අපේ මොලෙත් delete button එකක් තිබ්බනම් කොච්චර හොඳද කියල හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට තමයි.. අම්මගෙ උපන්දිනේ තාත්තගෙ උපන්දිනේ වගේ අපේ ජීවිතේට ගොඩාක්ම වැදගත් දේවල් අපිට ඉබේම අමතක වෙද්දි,හිතෙන් අපිට අයින්කරගන්න ඕනි දෙයක් හැමදාම හිත ඇතුලෙ පැල් බැඳගෙන ඉන්නෙක ගැන වෙලාවකට තරහත් යනවා.. මට හිතෙන්නෙ අපි අමතක කරන්න ඕන දේ ගැන තමයි වැඩිපුරම හිතන්නෙ..මතකතියාගන්න ඕන දේවල් ගැන චුට්ටක්වත් හිතන් නැතුව ඉද්දි, අමතක කරන්න ඕන ඒව ගැන පැය විසිහතරෙම කල්පනාකරන්න ගත්තම කොහොම ඒක අමතක වෙන්නද..
මම ඔයාට ආයෙ ලන්වෙන්න මට පුලුවන් හැම දෙයක්ම කරා..
ඔයාගෙ ගෙදර ඇවිත් ඔයා ඉස්සරහ ඇඬුව..
ආයෙත් දවසක ආවම ඔයා මගේ මූනට දොර වැහුවා..
මම හැමදාම ඔයාගෙ අම්මගෙන් ඔයාගැන ඇහුව..හෙව්වා..
ඔයාවටේ ඉන්න යාලුවොන්ගෙන් ඔයාගැන අහුව..
ඒත් තාමත් මට ඔයාගෙ හිත නම්මගන්න බැරිවුනා..මම හිතන්නෙ මට ආයෙ කවදාවත්ම බැරිවේවි..
අද මම the Notebook කියල ලස්සන film එකක් බැලුව.. ඒකෙ කතාවත් හරියට අපි දෙන්නගෙ ආදර කතාව වගේමයි.. හැබැයි ඒකෙ අන්තිමට ඒ කෙල්ල එයාගෙ ආදරේ හොයාගෙන එනවා..
එයත් එක්ක ජීවත් වෙලා එයාගෙම අතේ මැරෙන්න තරම් ඒ කොල්ල වාසනාවන්ත වෙනවා..ඒත් මම එච්චර පින්කරල නෑ වගේ..
අදත් ඔයා හොඳටම මම ගැන කියල ඔයා අම්මට බැන්න කියල මට ඔයාගෙ අම්ම කිව්වා.. මගේ හිතේ ඇතිවෙල තිබ්බ ඒ අන්තිම පුන්චි බලාපොරොත්තුවත් ඔයාගෙ අම්ම මට කියපුවයින් මැකිලගියා..
"අනේ ඔයා එයාව අමතක කරල දාන්න පුතේ" කියල ඔයාගෙ අම්ම කිව්වම මට පුන්චිවෙලාවකට මුකුත්ම හිතාගන්න බැරුව ගියා..
අන්තිමේ යන්තම් වචන ටිකක් ගැටගහල "මට බෑ ඇන්ටි ඒක කරන්න" කියල කෝල් එක කට්කරේ තවත් මට කතාකරන්න පුලුවන් කමක් නොතිබුනු නිසා..
ඔයාගෙ මෙච්චර නපුරු පැත්තක් කවදාවත් මම දැකල තිබ්බෙ නෑ.. මේ ඉන්නෙ මම ආදරේ කරපු කෙල්ලද කියල හිතෙන තරමට ඔයා වෙනස් වෙලා..
අපි යාලුවෙන්න කලින් එකපාරක් ඔයා මාත්එක්ක හොඳටම රන්ඩුවෙලා අපි කතාකරන එක නවත්තමු කියල ඔයා මට කිව්ව.. අපි මුනගැහුනු අලුත නිසා මටත් ඔයා නැතිවුනා කියල ගානක් තිබ්බෙත් නෑ.. මමත් හා කිව්වා..
ඒත් ටිකදවසකට පස්සෙ ඔයා අපේ ගෙදර phone එකට අරගෙන හොඳටම අඬ අඬ "ඔයාට මාව අමතක කරන්න පුලුවන්ද අයියෙ" කියල ඇහුවම, මගේ හිතේ කොච්චර තරහක් තිබ්බත් "බෑ නoගියෙ" කියල මට කියවුනා..
ඒ ඔයාම, මම ඔයාගෙ ගෙදරට ඇවිත් ඔයාගෙන් ඕකම ඇහුවම ඔයා "පුලුවන්" කියල කිව්වෙ කොහොමද..?
ඔයාව අමතක කරන්නනම් මට කවදාවත්ම බැරිවේවි.. ඒත් මෙහෙම මට ජීවත් වෙන්නත් බෑනෙ.. මගේ මුලු හිතේම අරක්ගෙන හිටි ඔයාව, හිතේ පුන්චි මුල්ලකට තල්ලුකරන්න මට අකමැත්තෙන් උනත් කරන්න වෙනවා.. මොකද මාව නපුරු විදියට දාලගිය කෙල්ලෙක් ගැන හිත හිත නාස්තිවෙනවට වඩා, මම ඉපදිච්ච දවසෙ ඉඳල මට අඩුවක් නැතිව ආදරේ කරපු මගේ අම්මගෙ තාත්තගෙ හීන කඩල දාන්න මට බැරිනිසා..
ජීවිතේ අපිට ඕන හැම දෙයක්ම අපිට ලබාගන්න බෑ නේ...
සමහරවිට මට කවදාවත් කරන්න බැරිවුනු විදියෙ ආදරයක් දැන් ඔයාට ලැබෙනව ඇති.. මාත් එක්ක කවදාවත් නොහිටපු තරම් සතුටකින් ඔයා දැන් ඉන්නව ඇති..
ඒකත් මට සතුටක්..